22.7 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

වැසි තත්ත්වයේ වැඩි වීමක්

අද (09) සහ හෙට (10) දිනවලදී උතුර, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වන අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

උතුරු, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත්  විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත්අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවන බවටත් සඳහන් කරයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වල උදැසන කාලයදී ද වැසි ඇතිවිය හැකි බවත් දිවයිනේසෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවටත් සඳහන් කරයි.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව සඳහන් වේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles