18.6 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ කැලබිළි ස්වභාවයක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින කැලබිළි ස්වභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනය වීමක් බලාපොරොත්තු වන අතර ඊසාන දිග මෝසම් කාලගුණ තත්ත්වයද දිවයින හරහාක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතී.

උතුර, නැගෙනහිර,දකුණු, උතුරු මැද සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ඇතිවේ. දිවයිනේ සෙසු පළාත්වල පස්වරු 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

නැගෙනහිර, මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ක පමණ තද වැසි ඇතිවිය හැක.

දකුණු අන්දමන් මුහුද සහ ඊට යාබද ගිනිකොන දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් වර්ධනය වී ඇත. එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින්  2023 නොවැම්බර් 30 දින වන විට ගිනිකොන දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වාත් ඉන්පසුව සුළි කුණාටුවක් දක්වාත් වර්ධනය වීමට ඉඩ ඇත.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවලතැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසිඇතිවේ. 

සුළං ඊසාන දෙසින් හමා එයි. හලාවත සිට පුත්තලම, කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා සහ ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැ.කි.මී.(30-40) පමණ වන අතර සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.

හලාවත සිට පුත්තලම, කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා සහ ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළුවන අතර සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතී.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles