25.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

පස්වරු 2න් පසු තැනින් තැන වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල උදෑසන කාලයේදී වළාකුළු සහිත අහසක් අපේක්ෂා කළ හැක. නැගෙනහිර, ඌවසහ උතුරු මැද පළාත්වලත්මුලතිව් සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 2න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ඌව, සබරගමුවසහ මධ්‍යම පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු  අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles