25.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

ක්‍රීඩකයින් දෙදෙනෙකුට ක්‍රිකට් තහනමක්

සිම්බාබ්වේ කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට ක්‍රිකට් තහනමක් පැනවීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ  Wesley Madhevere සහ  Brandon Mavuta හට මෙලෙස ක්‍රිකට් තහනමක් පනවා ඇති බවය.

විෂ මත්ද්‍රව්‍ය භාවිත කිරීම සම්බන්ධයෙන් එල්ලවූ චෝදනාවකට අදාළව ඔවුන්ට එරෙහිව පැවති විනය පරීක්ෂණයකින් පසුව සිම්බාබ්වේ ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම තීරණය ගෙන තිබේ.23 හැවිරිදි වියේ පසුවන Wesley Madhevere සිම්බාබ්වේ වෙනුවෙන් ටෙස්ට් තරග දෙකකට, එක්දින තරග 36කට සහ විස්සයි විස්ස තරග 60කට ක්‍රීඩා කර තිබේ.

26 හැවිරිදි වියේ පසුවන Brandon Mavuta සිම්බාබ්වේ වෙනුවෙන් ටෙස්ට් තරග හතරකට, එක්දින තරග 12කට සහ විස්සයි විස්ස තරග 10කට ක්‍රීඩා කර තිබේ.

අවසන් වරට අයර්ලන්තයට එරෙහිව පැවති එක්දින තරගාවලිය සඳහා නම්කර තිබූ සංචිතයටද ඔවුන් දෙදෙනා ඇතුළත්ව සිටියේය.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles