24.5 C
Sri Lanka
Wednesday, February 21, 2024
spot_img

සුපිරි ජයක් New York Strikers කණ්ඩායමට

අබුඩාබි ටී 10 ක්‍රිකට් තරගාවලියේ New York Strikers කණ්ඩායම ලකුණු 67ක විශිෂ්ට ජයක් හිමිකරගැනීමට සමත්විය. මෙහිදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ Delhi Bulls කණ්ඩායමට පන්දුවාර 9යි පන්දු 3කදී සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 31ක් පමණි.

New York Strikers වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ චාමික කරුණාරත්න ලකුණු 6කට කඩුලු 3ක් දවාගත්තේය.

චාමිකට කඩුලු ත්‍රිත්වයක් ලබාගැනීමට තිබූ අවස්ථාවක් Boparaගේ ආරක්ෂාකාරී පහරදීම හමුවේ වියැකී ගියේය.

එහිදී චාමික ඔහු විසින් යොමුකළ පළමු පන්දුවාරයේ දෙවන පන්දුවට සුපිරි ක්‍රීඩක Quinton de Kock දැවී ගියේ චාමික විසින් ම රැකගත් උඩපන්දුවක් හමුවේය.

අනතුරුව එම පන්දුවාරයේ තුන්වන පන්දුවට Bopara විසින් එක් ලකුණක් කරා පැති මාරුකරගත් අතර සිව්වන පන්දුවට Rahmanullah Gurbaz වෙත උඩපන්දුවක් ලබාදෙමින් Rovman Powell දැවීගියේය .

Dwayne Bravo අනතුරුව පිටියට පිවිසි අතර ඔහුද Rahmanullah Gurbaz වෙත උඩපන්දුවක් දෙමින් නැවත නරඹන්නෙක් බවට පත්විය.

Akeal Hoseinද ලකුණු 7කට කඩුලු 3ක් දවාගැනීමට සමත්විය.

New York Strikers වෙනුවෙන් පන්දු යැවූ Mohammad Amir, Sunil Narine, Muhammad Jawadullah සහ Odean Smith එක් කඩුල්ල බැගින් දවාගැනීමට සම්ටහ්විය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් New York Strikers පන්දුවාර 10 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 98ක් රැස්කරගත්තේය.

එහිදී අගනා ඉනිමක් දියත් කළ Rahmanullah Gurbaz පන්දු 24කදී හයේ පහර 5ක් සහ හතරේ පහර 2ක් සමග නොදැවී ලකුණු 49ක් රැස්කරගත්තේය.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles