25.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 08 ක්  IPL වෙන්දේසියට

2024 IPL තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය ලබන 19 වැනිදා ඩුබායි හිදී පැවැත්වීමට නියමිතයි. මේ අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරෙන ක්‍රීඩක ලැයිස්තුව තරග සංවිධායකයින් විසින් මේවන විට ඉදිරිපත් කර තිබෙනවා.

මෙම වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 333ක් ඉදිරිපත් කර ඇති අතර ඉන් ක්‍රීඩකයින් 214ක් ම ඉන්දීය ක්‍රීඩකයින් වීම විශේෂත්වයක් වන අතර 119 ක් විදෙස් ක්‍රීඩකයින් වනවා. ඉන් ක්‍රීඩකයන් 08 දෙනෙකු ශ්‍රී ලාංකිකයන් වනවා.

එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට ලබා දී ඇති ඉහළම වෙන්දේසි මුදල වන්නේ ඉන්දීය රුපියල් කෝටි 1.5ක් වන අතර එම අගය සහිත කාණ්ඩයෙන් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර ඇත්තේ වනිඳු හසරංගයි. සෙසු ක්‍රීඩකයින් 7ම ඉන්දීය රුපියල් ලක්ෂ 50ක කාණ්ඩයෙන් මෙවර වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබෙනවා.

කුසල් මෙන්ඩිස්, ඩිල්ශාන් මදුශංක, චරිත් අසලංක, දසුන් ශානක, දුෂ්මන්ත චමීර, ලහිරු කුමාර සහ නුවන් තුෂාර මෙලෙස ශ්‍රී ලංකාවෙන් IPL වෙන්දේසියට නම්කර ඇති සෙසු ක්‍රීඩකයින් වනවා.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles