22.7 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

ශ්‍රී ලංකාවට කඩුලු 3ක ජයක්

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි පළමු පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාව කඩුලු 3 කින් ජය ගත්තේ ය.

ලකුණූ 144ක ඉළක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ ය.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ කාසිය වාසිය දිනු ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේ ය..

ඒ අනුව පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායමේ පළමු කඩුලු 2 බිද වැටුණේ ලකුණු 38කදී ය.

එම කඩුලු දෙකම බිද හෙළුවේ මහේෂ් තීක්ෂණයි.

ඉන් අනතුරුව පිටියේ එක්වු නායක සිකන්දර් රාසා සහ ශෝන් විලියම්ස් තුන්වැනි කඩුල්ලට ලකුණු 45ක සම්බන්දතාවයක් ගොඩනැගුවේ ය.

ශෝන් විලියම්ස් ලකුණු 14යි.

නායක සිකන්දර් රාසා පන්දුවාර විස්සයි විස්ස පිටියේ ඔහුගේ 13 වන අර්ධ ශතකය රැස් කළේ ය.

රාසා ලකුණූ 62යි.

ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණූ 143ක් රැස් කළා.

මහේෂ් තීක්ෂණ සහ වනිඳු හසරංග කඩුලු 2 බැගින් බිද හෙලුවේ ය.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles