ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලි දෙකක් (2019 / 2023) අහිමි වීම පිළිබඳ කනගාටු වන බව වනිඳු හසරංග පවසයි.
සිදුවූ ආබාධයෙන් පසු කල ශල්‍යකර්මයෙන් පසු සති 12ක කාලයක් විවේකයෙන් සිටිය යුතු බවත් මේ වන විට ඉන් සති 05ක් ඉක්ම ගොස් ඇති බවත් ඔහු සඳහන් කරයි.
එළැඹෙන සතියේ සිට නැවත කුඩා මට්ටමින් පුහුණු වීම් අරම්භ කිරීමේ අපේක්ෂාවෙන් සිටින බවත්
එළැඹෙන ජනවාරියේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගාවලියට ක්‍රීඩා කිරීම සිය බලාපොරොත්තුව බවත් වනිඳු හසරංග පවසයි.