18.6 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති තෙවැනි සහ අවසන් එක්දින තරගය කඩුලු 08කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (11) සමත්විය. ඒ අනුව තරග තුනකින් සමන්විත තරගාවලිය 2-0 ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගත්තේය.

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ලබාගැනීමටය. අවස්ථා කිහිපයකදී වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව නතර කිරීමට ද සිදුවු අතර කළ සිම්බාබ්වේ පිලට පන්දුවාර 22යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 96ක් පමණි. වර්ෂාව හේතුවෙන් එක් කණ්ඩායමකට පන්දුවාර 27 බැගින් ලබාදීමට තීරණය විය.

වනිඳු හසරංග මෙම තරගයේදී ලකුණු 19කට කඩුලු 07ක් බිඳදැමීය. එය ශ්‍රී ලංකා පන්දු යවන්නෙකු එක්දින තරගයක දැක්වූ දෙවන හොඳම පන්දුයැවීම ලෙස ද සටහන් විය.

තරගය ජයගැනීම සඳහා පන්දුවාර 27ක් තුළ ලකුණු 97 ක ඉලක්කයක් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව තිබූ අතර එය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 16.4 කින් කඩුලු 02ක් දැවී සිය ජයග්‍රාහණය වාර්තා කළේය. කුසල් මෙන්ඩිස් පන්දු 51ක් තුළ නොදැවී ලකුණු 66ක් රැස් කළේය

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles