මෙවර ලෝක කුසලාන තරගාවලියේ අපරාජිතව අවසාන තරගයට පිවිසි ඉන්දියාව අවසාන තරගයේදී කඩුලු 6 න් පරාජය කරමින් ලෝක සූරයන් වන්නට ඕස්ට්‍රේලියාව සමත් වුණා.
මතබේදාත්මක අයුරින් කාසියේ වාසිය දිනා ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් පළමුව පන්දු යැවීමට ගත් තීරණය නිවැරදි එකක් බව ප්‍රකට කරමින් ඕස්ට්‍රේලියාව මෙි ජයග්‍රහණය අත් කර ගැනීමට සමත් විය. ඕස්ට්‍රේලියාව මේ ලෝක කුසලානය දිනූ හයවන අවස්ථාවය.
මීට පෙර 1987,1999,2003,2007 සහ 2015 වර්ෂවලදී ඔස්ට්‍රේලියාව ලෝක කුසලාන හිමිකරගෙන ඇත.
ජයග්‍රහණය සඳහා තදින්ම බලපෑම සිදු කළේ ඕස්ට්‍රේලියානු පන්දු රකින්නෝය.ඉන්දියාව ලකුණු 240 ට සීමා කිරීමට එම පන්දු රැකීම නිසා අහිමි කළ ලකුණු ප්‍රමාණය ලකුණු 30 – 35 ට ආසන්නය.ඒ අතරින් රෝහිත් ෂර්මා දවා ගැනීමට අති විශිෂ්ඨ උඩ පන්දුවක් රකිමින් ද,ඕස්ට්‍රේලියානු හඹායාමේදී අමිල ශතකයක් ලබමින් ලකුණු 137ක් රැස් කළ travis head තරගයේ වීරයා ලෙස නිතරගයෙන්ම සුදුසු විය.
ලකුණු 47 ට කඩුලු 3 ක් දැවුණු මොහොතේ හෙඩ් සමඟ එක් වී ඉවසිලිවන්ත අර්ධ ශතකයක් (58) ලැබූ මාර්නස් ලුබුස්වේන්ග් ද මේ ජයග්‍රහණයට දැක් වූ දායකත්වය මිල කළ නොහැකිය.ඔවුන් දෙදෙනාගේ නොබිදුණු කඩුලු සබඳතාවය ලකුණු 192 කි.
තරගයට පෙරාතුව ඔස්ට්‍රේලියා නායක පැට් කමින්ස් මාධ්‍ය හමුවේ කියා සිටියේ මෙවර තම ඉලක්කය ඉන්දීය ප්‍රේක්ෂකයන් නිහඩ කර තබා ගැනීම බවයි.