2024 වසර සඳහා වන අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද (21) පස්වරුවේ 0600ට පාර්ලිමේන්තුවේදි පැවැත්වීමට නියමිතව තිබේ.
පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ අයවැය දෙවන වර කියවීමේ විවාදයේ 07වන දිනය වන අද ඡන්ද විමසීම පස්වරු 06ට පැවැත්වීමට නියමිත බවත්ය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස පසුගිය නොවැම්බර් මස 13 වනදා 2024 වර්ෂය සඳහා වූ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙට දිනයේ සිට දෙසැම්බර් 13 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.