පසුගිය අයවැයවල අඩුම වශයෙන් 60% ක්‍රියාත්මක වූ නමුත් 2023 වසර සදහා ඉදිරිපත් කළ අයවැය යෝජනා වලින් 80%ක් ක්‍රියාත්මක නොවු බවට සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා සදහන් කළා.
2023 අයවැය ඉතිහාසයේ නරකම අයවැය බවත් එම අයවැයේ සමහර යෝජනා ආගිය අතක් නොමැති බවත් සදහන් කළ ඔහු අද (21) දින පැවත්වීමට නියමිත 2024 වසර සදහාවු අයවැයේ දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදි සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂය අයවැයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන බවත් වැඩි දුරටත් සදහන් කළේය.