26.7 C
Sri Lanka
Wednesday, February 21, 2024
spot_img

හරිත බලශක්තියෙන් තිරසර සංවර්ධනයකට – ජනපති

දේශගුණික විපර්යාසවලට මුහුණදීමේදී සහ තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීමේදී අති නවීන හරිත බලශක්තිය උපරිමයෙන් දායක කර ගැනීම ශ්‍රී ලංකාවේ අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී ඊයේ (21 වැනිදා) ආරම්භ වූ ශ්‍රී ලංකා හරිත හයිඩ්‍රජන් සම්මන්ත්‍රණයේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින් ජනපති මේ බව පවසා තිබේ.

බලශක්ති ව්‍යාපෘති සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී ආර්ථික සාධක සහ දිගුකාලීන බලපෑම් සැලකිල්ලට ගනිමින් පුළුල් දැක්මකින් යුතුව කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපතිවරයා ඊට මගපෙන්වීම සඳහා බලශක්ති පරිවර්තන නීතියක් සහ බහු නියෝජිත කමිටුවක් පිහිටුවීමට ද යෝජනා කළේය.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles