22 C
Sri Lanka
Saturday, December 9, 2023
spot_img

සජිත් ජර්මානු නියෝජිතයින් හමුවෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ විපක්ෂයේ නියෝජිතයින් සහ ශ්‍රී ලංකාවේ ජර්මානු කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ නියෝජිතයින් (AHK) අතර හමුවක් සිදුව තිබේ.

ජර්මානු ආයෝජකයන්ට ශ්‍රී ලංකාව තුළ සුදුසු ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කිරීමත්, ඒ සඳහා විනිවිද භාවයෙන් යුතු බහුවිද ප්‍රතිපත්ති රාමුවක් සම්පාදනය කිරීමත් මෙම හමුවේ අරමුණ වූ බව විපක්ෂ නායක කාර්යාල ආරංචි මාර්ග පවසයි.

ජර්මනිය විදෙස් ආයෝජනයන් සිදු කිරීමේදී මූලික වශයෙන් අනෙක් පාර්ශවය සතු දිගුකාලීන දැක්ම පිළිබඳවත්, වංචාවලින් තොර ස්ථිර ප්‍රතිපත්ති පිළිබඳවත් වැඩි අවධානයක් යොමු කරන බව ජර්මානු කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ නියෝජිතයින් මෙහිදී පෙන්වා දී තිබේ.

මෙම හමුවට AHK ශ්‍රී ලංකා ආයතනය නියෝජනය කරමින් එහි ප්‍රධානී Marie Antonia Von Schonburg මහත්මිය සහ පුනර්ජනනීය බලශක්ති, පතල් කැණීම්, රක්ෂණ, කාර්මික උපකරණ, වෛද්‍ය උපකරණ, ඖෂධ, රසායනික ද්‍රව්‍ය වැනි කේෂ්ත්‍රවල නිෂ්පාදකයින් සහ සමාගම් අධ්‍යක්ෂවරුන් පිරිසක් එක්ව සිටියා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛව ආචාර්ය හර්ෂ ද සිල්වා, මහාචාර්ය ජී.එල්. පීරිස්, චන්දිම වීරක්කොඩි, නිරෝෂන් පෙරේරා සහ ආචාර්ය නාලක ගොඩහේවා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව තිබේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles