25.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

සජබෙත් අභ්‍යන්තර ගැටුම්

වෙනත් දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන් ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය සමග එක්වීමත් සමග එම පක්ෂය තුළ අභ්‍යන්තර ගැටලු මතුවී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

පසුගිය දින කිහිපය තුළ ම විපක්ෂයේ දේශපාලඥයින් මෙන්ම ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ම සමගි ජන බලවේගය හා එක්විය.

කෙසේවෙතත් සමගි ජන බලවේගය සමග අලුතින් එක්වන ඇතැම් පිරිස් වෙත මෙතෙක් කල් එම පක්ෂයේ රැඳීසිටි පිරිස් විසින් විරෝධයක් එල්ල වෙමින් පවතින බවට වාර්තා වේ.

ඊට මුලික හේතුව වී ඇත්තේ නව මන්ත්‍රීවරුන් එක්වීමත් සමග පාර්ලිමේන්තුව නියෝජනය සඳහා පවතින තරගය උග්‍ර වීම බව සඳහන්.

කෙසේවෙතත් සමගි ජන බලවේගය එහි සාමාජිකත්වය ලබා දෙමින් පක්ෂය සමග එක් කරගෙන ඇත්තේ ජයරත්න හේරත්, චන්දිම වීරක්කෝඩි, ශාන් විජයලාල් සහ දයාශ්‍රිත තිසේරා යන මන්ත්‍රීවරුන් පමණක් බවයි වාර්තා වේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles