24.5 C
Sri Lanka
Wednesday, February 21, 2024
spot_img

“සක්වල” 51 වැනි අදියර මුල්ලේරියාවට

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක “සක්වල” තොරතුරු තාක්ෂණ වැඩසටහනේ 51 වැනි අදියර පසුගිය දා මුල්ලේරියාවේදී සිදුවිය.

ඒ අනුව රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ මුල්ලේරියාව රාහුල විද්‍යාලයට පිරිනමනු ලැබීය.

රට නිවැරදි දිශානතියක් වෙත ගමන් කරවීමට නම්, ප්‍රතිපත්ති සම්පාදනය කරන ස්ථාන ප්‍රශස්ත මට්ටමකට පත් කළ යුතු අතර ඉන් අනතුරුව, විධායකය, ව්‍යවස්ථාදායකය, රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන සහ ප්‍රතිපත්ති සම්පාදනයේ නිරත පාර්ශ්වකරුවන් ඇතුළු සියලු අංශ, දරුවන් වෙනුවෙන් දැනුම කේන්ද්‍රීය ක්‍රමවේදයන් සකස් කළ යුතු බව විපක්ෂ නායකවරයා එහිදී අවධාරණය කළේය.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles