තමාට එල්ල වී ඇති චෝදනා වලට වරදකරු බවට පත් වුවහොත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවට මහාචාර්ය රංජිත් බණ්ඩාර කථානායකවරයාට ඊයේ (20දා) දැනුම් දී ඇති බවට වාර්තාවේ.
මේ පිළිබඳ පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවේ විමර්ශනයක් සිදුකරන ලෙසට ලිපිය මගින් ඒ මහතා ඉල්ලා තිබේ.
පාර්ලිමේන්තු නිලධාර්නියකට ලිංගික හිංසන සිදුකළ බවට හේෂා විතානගේ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය මුළුමනින්ම සාවද්‍ය චෝදනාවක් බවද ඒ මහතා පවසා තිබේ.
කෝප් කමිටුවට කැඳවූ ආයතනවලින් උපාය මාර්ගික සැලසුම් සෑදීමට මුදල් ලබාගත් බවටද තමාට චෝදනා එල්ල කර ඇති අතර එවැනි කාරණයක් ඔප්පු කළහොත් තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් වහාම ඉවත්වන බවද රංජිත් බණ්ඩාර මහාචාර්යවරයා පවසයි.