25.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

පෙරළියක් … පෙරළියක්.. මෙන්න 2024 තවත් පෙරළියක්

නව වසර (2024) දේශපාලන පෙරළි වසරක් බවට පත්වෙමින් තවත් පුටු මාරුවක් සිදුව ඇති බවට වාර්තා වේ.

ඒ මෙරට වෛද්‍ය ක්ෂේත්‍රයේ සිටින කීර්තිමත්, දක්ෂ විශේෂඥ වෛද්‍යවරයකු වන ආචාර්ය චමල් සංජීව සමගි ජන බලවේගය හා එක් වීමත් සමඟිනි.

වසර 18කට වඩා වෛද්‍ය ක්ෂේත්‍රය, පරිපාලන ක්ෂේත්‍රය ආදී ක්ෂේත්‍ර ගණනවකම අත්දැකීම් සහ සුදුසුකම් සහිත ඒ මහතා වත්මන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවන දූෂණ වංචාවලට එරෙහිව හඩක් නඟමින් කටයුතු කරයි.

ඒ අනුව චමල් සංජීව මහතාව සමගි ජන බලවේගයට අනුබද්ධිත දූෂණ විරෝධී බලවේගයේ උප සභාපතිවරයා වශයෙන් සහ සමගි ජන බලවේග සෞඛ්‍ය ප්‍රතිපත්ති කමිටුවේ ලේකම් ධුරයට ද පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර ඇති බවටයි වාර්තා වන්නේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles