මෙරට රෝගී සත්කාර සේවාවන් ශක්තිමත් කිරීම වෙනුවෙන් නවක හෙද හෙදියන් 2,519ක පිරිසකට අද (17) පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළ ආකාරයට, ලිපි ප්‍රදානය සිදු කෙරුණේ අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.
සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ, මේ වනවිට, දිවයින පුරා හෙද සේවයේ 42,000ක සංඛ්‍යාවක් සේවය කරන අතර මෙම බඳවා ගැනීමත් සමඟ මෙරට හෙද – හෙදියන්ගේ සංඛ්‍යාව 45,000 ඉක්මවා යනු ඇති බවයි.