සමාජ ක්‍රියාකාරිකයෙකුවන ඕෂල හේරත් විසින් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකෙරුණු පෙත්සම නිෂ්ප්‍රභ කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනා පෙත්සමක් ගොනුකර තිබේ.
එහි වගඋත්තරකරුවන් ලෙස රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය ඇතුළු පිරිසක් නම් කර තිබේ.
මීට ඉහතදී ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු ඔහුගේ පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කිරීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව පවසන පෙත්සම්කරු අභියාචනාධිකරණයේ එලෙස ලබාදුන් තීන්දුව නීතියට පටහැනි යැයි තීරණය කරන ලෙසත් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක් ලෙස තේරී පත්වීමට සුදුසුකම් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරු එමගින් ඉල්ලා තිබේ.