18.6 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

එජාප මහලේකම් ධුරය රවීට අහිමි වෙයි…

2024 වසර සඳහාත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා වශයෙන් පාලිත රංගේ බණ්ඩාර මහතාව නැවතත් පත්කර තිබේ.

එජාප නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැති පක්ෂ කළමනාකරණ කමිටු රැස්වීමේදී මේ පිළිබඳ තීරණය ගෙන ඇති අතර ඊට අදාළ පත්වීම් ලිපිය සිරිකොත ප්‍රධාන විධායක නිලධාරී ශමල් සෙනරත් මහතා විසින් පාලිත රංගේ බණ්ඩාර මහතා වෙත සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී ප්‍රදානය කර ඇත.

මෙතෙක් පක්ෂ මහලේකම් ධුරය දැරූ රංගේ බණ්ඩාර මහතා වෙනුවට මේ වසරේදී රවී කරුණානායක මහතාව පත්කෙරෙනු ඇති බවට පසුගිය මාස කිහිපය තුළ ආරංචි පැතිර ගොස් තිබුණි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles