24.5 C
Sri Lanka
Wednesday, February 21, 2024
spot_img

අපනයන ආර්ථිකය වර්ධනය කරන හැටි ජනපති කියයි

රට තුළ අපනයන ආර්ථිකයක් ඇති කිරීමේ දී දැනට පවතින අපනයන වැඩිදියුණු කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්ඒ සඳහා නව අපනයන ක්ෂේත්‍ර කෙරෙහිද අවධානය යොමු කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

ඒ සඳහා නව ආයෝජකයන්ට ආරාධනා කළයුතු බවත් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සපයා දීමට රජය කටයුතු කරන බවද ජනාධිපතිවරයා පවසයි.

කෘෂි තාක්ෂණ විශ්වවිද්‍යාලයක් මෙරට පිහිටුවීමට සැලසුම් කර තිබෙන බවත්, දැනට පවතින කෘෂිකාර්මික පර්යේෂණ ආයතන ප්‍රතිව්‍යුහගත කර නවීකරණය කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කරයි.

ඊයේ (23) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති 25 වන ජනාධිපති අපනයන සම්මාන උළෙල අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශකර ඇත.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles