18.7 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

පාර්ලිමේන්තු සභාවාරය  වාර අවසාන කෙරේ

‍09 වන පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය වාර අවසාන කිරීම මෙම මස 24 වැනිදා සිදුකිරීමට ජනාධිපති තුමා තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව පාර්ලිමේන්තුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පෙබරවාරි මස 07 වනදා උත්සවාකාරයෙන් නැවත විවෘත කිරීමට නියමිත බවත්  වාර්තා වේ.

පාර්ලිමේන්තුව අවසන් වරට පසුගිය වසරේ ජනවාරි මස 27 වනදා සභාවාරය අවසාන කෙරුණු අතර එලෙස අවසන් කෙරු‍ණේ 09වන පාර්ලිමේන්තුවේ තෙවන සභා වාරයයි.

කෙසේ වෙතත් මෙම මස 25 වන බ්‍රහස්පතින්දා දිනයේ පොහොය නිවාඩුව යෙදී ඇති බැවින් එම සතියේ දින දෙකක් පමණක් පාර්ලිමේන්තුව රැස්වනු ඇත.

පාර්ලිමේන්තුව සභාවාරය අවසාන කිරීමත් සමග කෝප්, කෝපා ඇතුළු කාරක සභා 50කට වැඩි සංඛ්‍යාවක් අහෝසි වන අතර ඒ අනුව එම කාරක සභා සියල්ල යළි පිහිටුවීමට සිදුව තිබේ.

උසස් නිලතල පිළිබඳ කාරක සභාව, ආංශික අධීක්ෂණ කාරක සභාව සහ විශේෂ කාරක සභා පමණක් වාර අවසාන කිරීම හේතුවෙන් අහෝසි නොවන බව සඳහන්ය.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles