25.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

online ණය ජාවාරමක් කොටු වෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් දෙහිවල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය online ණය ලබාදෙන මධ්‍යස්ථානයක් වටලා චීන ජාතිකයින් පස්දෙනෙකු සහ එක් ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට අමතරව එම ආයතනය සතුව තිබූ පරිගණක අටක්, ලැප්ටොප් වර්ගයේ පරිගණක 13ක් සහ ජංගම දුරකථන 49ක් සිය භාරයට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකිරීමේදී මෙම ජාවාරම පිළිබඳ තොරතුරු හෙළි වී තිබෙනවා.

මෙහිදී මාර්ගගත ක්‍රමයට ණය ලබා දීමේ දී, ණය ලබා ගන්නා පුද්ගලයාගේ ජංගම දුරකථනයෙහි ඇති පෞද්ගලික තොරතුරු OPT අංකයක් මඟින් ලබාගෙන සමාජයේ වෙනත් අයට ඇතැම් තොරතුරු පතුරුවන බවට තර්ජනය කරමින් අදාළ මුදල් ලබාගැනීමට කටයුතු කර ඇති බවට පොලීසිය විසින් තොරතුරු අනාවරණය කරගෙන තිබුණා.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles