25.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

LRT ව්‍යාපෘතියේ පාඩුව ජපානය ඉල්ලලා

කොළඹ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය හෙවත් LRT ව්‍යාපෘතිය වෙනුවෙන් ජපානය වැය කළ වියදම ගෙවන්නේ නම් පමණක් මෙරට සිදුකරන ජපාන ව්‍යාපෘති නැවත ආරම්භ කරන බව ජපානය දැනුම්දී තිබෙනවා.

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ජපාන මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි මහතා ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයා හමුවී මේ බව අවධාරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ඩොලර් බිලියන 1.5ක ජපාන සහනදායි ණය ක්‍රමයකින් නිම කිරීමට සැලසුම් කළ කොළඹ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය හෙවත් LRT ව්‍යාපෘතිය අගනුවර තදබදයට “ලාභදායී විසඳුමක්” නොවන බව සඳහන් කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී අහෝසි කෙරුණා.

එය කිලෝමීටර් 15.7 ක දුරක් දුම්රිය ස්ථාන 16 ක් ඇතුළත්ව සැලසුම් කර තිබුණා.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles