18.6 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

හින්දු බැතිමතුන්ගේ තෛපොංගල් උත්සවය අද

හින්දු බැතිමතුන්ගේ සුවිශේෂී උත්සවයක් ලෙස සැලකෙන තෛපොංගල් උත්සවය ලොව වැසි සියලූම හින්දු ජනයා විසින් අද (15) සමරනු ලබයි.

පොංගල් යන දමිළ වචනයේ අදහස වන්නේ “උතුරා යාම නැතිනම් පිටාර ගැලීමයි”. මැටි කළයක කිරි උතුරා යාමට සැලැස්වීම අනාගත සෞභාග්‍යයේ සළකුණක් ලෙස හින්දු ජනතාව සලකයි. හින්දු භක්තිකයන් තම පළමු අස්වැන්න සූර්යයාට පුජා කිරීම මෙම සුර්ය මංගල දිනයේ දී සිදු කරයි.

අස්වනු කපා වියළා ගන්නට උචිත යහපත් කාලගුණයක් සලසාදීම වෙනුවෙන් සූර්යයාට අස්වැන්නේ මුල් කොටස පිදීමටත්, ගව මහිෂාදී සත්ත්ව සමූහයා වෙත කෘතගුණ සැලකීමත් අරමුණු කරගෙන මෙම උත්සවය පැවැත්වේ.

තෛපොංගල් දිනයේදී ප්‍රධාන වශයෙන් සූර්යයා වන්දනාමාන කරනු ලබයි. ‘ තෛ ‘ නම් දෙමළ මාසයේ පළමුවන දිනය හදුන්වනු ලබන්නේ ‘ පොංගල් ‘ නමිනි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles