18.6 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

සෞඛ්‍ය වර්ජනය තාවකාලිකව අවසන්

වෛද්‍යවරුන්ට ලබාදීමට තීරණය වූ රු. 35,000 දීමනාව තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති කිහිපයක් ඒකාබද්ධව ආරම්භ කළ වර්ජනය අද පෙරවරුවේ අවසන් කෙරෙනු ඇති.

එම දීමනාව ලබාදීම සඳහා කැබිනට් මණ්ඩලය ගත් තීරණයත් සමග පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් පසුගිය අඟහරුවාදා දිනයේ වැඩ වර්ජනය ක් ආරම්භ කිරීමත් සමග දිවයින පුරා රෝහල්වල කටයුතුවලට බාධා එල්ල වුණි.

එවැනි පසුබිමක රෝහල් ලේකම්වරුන්, පරිපාලන නිලධාරීන්, සෞඛ්‍ය කාර්යය සහයකයන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලය ද ඊයේ උදෑසන 6 සිට එක්දින වැඩ වර්ජනය ක් ආරම්භ කළ අතර එම ක්‍රියාමාර්ගය අද උදෑසන 8.00ට අවසන් කිරීමට නියමිතව තිබුණි.

මෙම ගැටලුව විසදීම සඳහා ජනාධිපතිවරයා මැදිහත් නොවන්නේ නම් ඉදිරියේදී යළිත් වෘත්තීය ක්‍රියාමාර්ග වෙත යොමුවන බවට මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු රවී කුමුදේශ් මහතා ප්‍රකාශ අදහස් දක්වනු ලැබීය.

අද දිනයේදී සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ සමස්ත ලංකා හෙද සංගමයේ නියෝජිතයින් අතර හමුවක් පැවැත්වීමට ද නියමිතව තිබේ. එහිදී අමාත්‍යවරයා වෙත පවතින තත්ත්වය සහ සිය යෝජනා ඇතුළත් ලිපියක් භාරදීමට ද නියමිතයි.

විවිධ පැලැස්තර දැමීමේ ප්‍රතිපත්ති හේතුවෙන් සෞඛ්‍ය පද්ධතිය තුළ විෂමතා රැසක් නිර්මාණයවී ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා ද සඳහන් කළේය.

මේ හේතුවෙන් බිඳවැටුණු සෞඛ්‍ය සේවාවේ කටයුතුවල සහායට ශ්‍රී ලංකා යුද හමුදාවද සේවයේ වනවිට සේවයේ යොදවා තිබුණි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles