සීනි සහ තිරිඟු පිටි ආනයන සීමා කිරීම් සහ බදු සංශෝධන හේතුවෙන් රටට සිදුවන අසීමිත අලාභ සහ බදු මුදල් පාඩුව අයකර ගැනීමේ හැකියාව පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කමිටුව උපදෙස් දී තිබේ.
විගණන වාර්තාවකින් පෙන්වා දෙන පරිදි 2020 ඔක්තෝම්බර් මාසයේදී සීනි සඳහා වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමෙන් බිලියන 16කට ආසන්න විශාල නීතිවිරෝධී ලාභයක් සීනි ආනයන සමාගම් ලබා ඇති බව මෙහිදී අනාවරණය විය.