20.1 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

සියයට 30ක් සරම්ප එන්නත එපා කියලා

සරම්ප අමතර මාත්‍රාව ලබා නොගත් අටසිය පනස් දෙදෙනෙකු කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ සිටින බව එහි ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා පවසනවා.

එය ප්‍රතිශතයක් ලෙස සියයට 30ක් බව ඒ මහතා සඳහන් කර සිටියා.

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් මෙරට සරම්ප රෝගය තුරන් කර ඇති බවට ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක වුවද ගෙවුණු වසරේ අවසන් මාස හත තුළ පමණක් සරම්ප රෝගීන් 700කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබුණා.

ඉන් රෝගීන් සියයට 50ක් වාර්තා වන්නේ කොළඹ නගරය ආශ්‍රිතව බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළ අතර ඔවුන් බහුතරයක් එන්නත් ලබා නොගත් හෝ එන්නත්කරණය සම්පූර්ණ නොවූ දරුවන් ලෙසට හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් මත පසුගිය සෙනසුරාදා අවදානම් දිස්ත්‍රික්ක 9ක් මුල්කර ගනිමින් අමතර සරම්ප එන්නත් මාත්‍රාවක් ලබා දීමේ ජාතික වැඩසටහනක් ක්‍රියාත්මකවූ අතර, එදින ද අමතර මාත්‍රාව ලබා නොගත් දරුවන් විශාල පිරිසක් සිටින බවට හඳුනාගෙන තිබුණා.

වැඩි අවදානමක් පවතින කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ සරම්ප අමතර මාත්‍රාව ලබාදීමේ වැඩසටහනේදී වයස මාස 6 -මාස 9 ත් අතර දරුවන් 1,268 දෙනෙකුට එම මාත්‍රාව ලබාදීම ඉලක්කය වී තිබූ අතර, ඉන් සියයට 70 ක්ම එන්නත්කරණයට ලක්කළ බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා කියා සිටියා.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles