18.6 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

සිගරට්, අරක්කු බොන අයට අවවාදයක්

සිගරට්, අරක්කු සහ බියර් සඳහා දෛනිකව රුපියල් කෝටි 100ක් මෙරට තරුණ ශ්‍රම බළකාය විනාශ කර දමන බව විද්‍යාත්මක සමීක්‍ෂණවලදී තහවුරු වූ බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසනවා.

සමස්ත වැඩිහිටි පිරිමින් ගෙන් 30.2% ක් සිගරට් පානයට ඇබ්බැහි වී සිටින බව එහි විධායක අධ්‍යක්ෂ සම්පත් ද සේරම් මහතා පැවසුවා. එම පුද්ගලයන් දෛනිකව පුළුස්සා දමන සිගරට් හේතුවෙන් රුපියල් කෝටි 40ක සමස්ත ශ්‍රම බළකායක් අහිමි වන බව සඳහන්.

මද්‍යසාර සහ සිගරට් භාවිතයෙන් දෛනිකව පුද්ගල මරණ 80 ක් පමණ සිදුවන බව අධ්‍යක්ෂකවරයා කියා සිටියා. එමෙන්ම දිනකට සියයකට අධික පිරිසක් රෝගීන් වන අතර ලැබෙන බදු ආදායමට වැඩි මුදලක් රෝගී ජීවිත සඳහා ප්‍රතිකාර, රැක බලාගැනීම නඩත්තු කිරීමට වැය කෙරෙන බවද වාර්තා වනවා.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles