26.7 C
Sri Lanka
Wednesday, February 21, 2024
spot_img

සනත් නිශාන්තගේ අවසන් කටයුතු අද

කටුනායක අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (28) පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවසේ දී අද දහවල් 01.00 ට අවමංගල්‍ය සභාවේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබේ.

අරගලය සමයේ ඔහුගේ නිවසද ප්‍රහාරයට ලක්වීම හේතුවෙන් විනාශ වී යාම හේතුවෙන් රාජ්‍ය අමාත්‍යවරයාගේ දේහය ආරච්චිකට්ටුව ප්‍රදේශයේ නිවස අසල පිහිටි තාවකාලික ශාලාවක තැන්පත් කර ඇති අතර අද අහවල් 01 දක්වා දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අවස්ථාව හිමි වේ. අවමංගල්‍ය සභාවේ කටයුතුවලින් අනතුරු ව දේහය රාජකදළුව කතෝලික සුසාන භූමිය වෙත පෙරහරකින් ගෙනගොස් භූමදානය කිරීමට නියමිතයි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles