25.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය ගුවන් ගමන් කාලසටහන අවලංගු කර තිබේ.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට ඉන්දියාවේ චෙන්නායි නුවර දක්වා ඊයේ (26 ) උදෑසන පියාසර කිරීමට නියමිතව තිබූ ශ්‍රීලංකන් ගුවන් යානයක් සිය ගමන් වාරය අවලංගු කර තිබෙනවා.

ඒ හේතුවෙන් එම ගුවන් යානයෙන් චෙන්නායි බලා යාමට සිටි මගීන් මහත් අපහසුතාවට පත්වූ බවයි වාර්තා වන්නේ.

UL 121 ගුවන් යානය ඊයේ උදෑසන 7.20ට චෙන්නායි බලා පිටත් වීමට නියමිතව තිබියදී කිසිදු පෙර දැනුම්දීමකින් තොරව එසේ ගමන් වාරය අවලංගු කර තිබෙනවා.

ගුවන් මගීන් 226ක් එම යානයේ ආසන වෙන් කරවාගෙන තිබූ අතර ඔවුන් සියලු දෙනා මේ හේතුවෙන් දැඩි අසීරුතාවට පත්ව තිබූ බවට වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ආයතනික සන්නිවේදන කළමනාකාර දීපාල් වී. පෙරේරාගෙන් මාධ්‍ය කළ විමසීමකදී සඳහන් කර ඇත්තේ කාර්මික දෝෂයක් හේතුවෙන් එම ගුවන් වාරය අවලංගු කිරීමට කටයුතු කළ බවයි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles