25.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

ශ්‍රී පාදයට ආලෝකය දෙන ගුවන් හමුදාව ..

නල්ලතන්නිය ශ්‍රි පාද මාර්ගයේ රතු අම්ඹලම සහ ඉදිකටු පහන ප්‍රදේශයට විදුලිය ලබාදීම සඳහා විදුලි ට්‍රාන්ස්ෆෝමර් ඇතුලු ටොන් 25ක උපකරණ ගුවන් හමුදාවේ MI 17 හෙලිකොප්ටරයෙන් රැගෙන යැමේ මෙහෙයුම අද නල්ලතන්නිය ක්‍රිඩාංගනයේදි ආරම්භ කරනු ලැබුවා.

මෙම මෙහෙයුම සදහා ගුවන් හමුදාවේ නිලධාරින් සහ භට පිරිසක් සමග ලංකා විදුලිබල මණ්ඩලයේ ඉන්ජිනේරුවන් ඇතුලු විශාල සේවක පිරිසක් සහ නල්ලතන්නි පොලිසියේ නිලධාරින් එක්ව මෙම මෙහෙයුමට සහයොගය දක්වනු ලැබුවා. ශ්‍රි පාදස්ථාධිපති බෙම්ගමුවේ ධමිමදින්න නාහිමියන්ගේ උපදෙස් පරිදි නල්ලතන්නිය ශ්‍රි පාද මාර්ගයේ සිත ගගුලේ සිට ශ්‍රි පාද උඩ මලුව දක්වා කිලෝමිටර් 5ක් දුරට වන්දනාකරුවන්ට සහ ශ්‍රි පාද උඩ මලුවට පෞද්ගලික අංශයක අනුග්‍රහය මත ලබාදිමට කටයුතු කර ඇති පානිය ජල යොජනා ක්‍රමයට අවශ්‍ය පොම්පාගාර ඉදිකිරිම සදහ අවශ්‍ය විදුලි ට්‍රාන්ස්ෆෝමර් 4 ක්, ජල පොම්ප, යකඩ විදුලි කණු කිහිපයක්, විදලි රැහැන්, සිමෙන්ති, වැලි ඇතුලු ටොන් 25ක උපකරණ සහ ද්‍රව්‍ය MI 17 හෙලිකොප්ටරය මගින් රැගෙන යෑමට නියමිත අතර මෙම මෙහෙයුම අද සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles