24.5 C
Sri Lanka
Wednesday, February 21, 2024
spot_img

වායු ගුණාත්මකභාවය පහළට

දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මක භාවය පහත වැටී තිබෙනවා.

කොළඹ, ගාල්ල, යාපනය, මන්නාරම යන ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් මෙම තත්ත්වය දක්නට ලැබෙන බවයි මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අජිත් වීරසුන්දර මහතා සඳහන් කළා.

මේ හේතුවෙන් ශ්වසන රෝගීන් හෝ පෙනහලු අශ්‍රිත රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර ලබන පුද්ගලයින් සිටි නම් මුඛ ආවරණයක් පලදින ලෙස පවසන මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක අජිත් වීරසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළේ,

“මෙයට හේතුවෙලා තියෙන්නේ, අප දිවයින හරහා ගමන් කරන වායු ධාරා විශේෂයෙන්ම වෙනත් රටවල භාහිර කලාපවලින්, බෙංගාල බොක්ක වගේ ප්‍රදේශවලින් පැමිණෙන සුළං ධාරා හේතුවෙන්. එම සුළං ධාරා සමග පැමිණෙන නොයෙකුත් ආකාරයේ වායු දුෂණකාරක හේතුවෙන් දිවයිනේ වාතයේ ගුණාත්මකභාවය අඩුවීමට බලපාලා තියෙනවා. මෙම තත්ත්වය සාමාන්‍යයෙන් ඉතාම සුළු වශයෙන් එම ප්‍රදේශවල සිටින ජනතාවගේ සෞඛ්‍යයට බලපෑම් ඇති වෙන්න පුළුවන් අවම වශයෙන්. විශේෂයෙන්ම මේ ප්‍රදේශවල ජීවත් වන යම් ආකාරයක පෙනහළු ආශ්‍රිත ආබාධ පවතින ඇදුම වැනි රෝග ඇති පුද්ගලයින් යම්කිසි ආකාරයකට පරිස්සම් විය යුතුයි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles