25.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

ලිට්‍රෝ ගෑස් මිලත් ඉහළට

ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 685 කින් වැඩි කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබේ. එහි සභාපති මුදිත පීරිස් මහතා අද (1) පෙරවරුවේ මාධ්‍ය හමුවකදී ඒ බව පැවසීය.

ඒ අනුව කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 276 කින් ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 127 කින් ද, ඉහළ දමා ඇති අතර නව මිල අද (1) සිට ක්‍රියාත්මක වන බවද පැවසේ.

මෙම ඉහළ යාමත් සමග කිලෝග්‍රෑම් 12.5 ක  සිලින්ඩරයක මිල රුපියල්  4250 ක් ද, කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 1707 ක් ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 795 ක් ද ලෙස  වැඩි වී තිබේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles