18.7 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

ලංකාවේ දෙමළ ජනතාව වෙනුවෙන් මුද්දරයක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ උපදෙස් මත සහ තමිල්නාඩු භාරතීය ජනතා පක්ෂයේ සභාපති කේ. අන්නමලෙයිගේ එකඟතාවය මත කඳුකර ජනතාවට සහ ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජනතාවට ගෞරව කිරීම සඳහා ඉන්දීය තැපැල් අමාත්‍යාංශය මුද්දරයක් නිකුත් කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ ජීවත් වන සියලු දෙනාට මෙමගින් විශාල ගෞරවයක් හිමිවන අතර හෙට (30) දින නවදිල්ලි නුවරදී භාරතීය ජනතා පක්ෂයේ ජාතික සභාපති ගරු ජේ.පී.නාඩා විසින් පළමු මුද්දරය නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සෙන්තිල් තොණ්ඩමන් සහ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිරිනැමීමට නියමිතව තිබෙන බවට වාර්තා වනවා.

ඉන්දීය ද්‍රවිඩ ජාතිකයන් ශ්‍රී ලංකාවට සංක්‍රමණය වීම සම්බන්ධ ලිපි ලේඛන සහ ලිපිගොනු සිය ගණනක් සමාලෝචනය කර ඓතිහාසික සලකුණු සහිතව මෙම මුද්දරය නිකුත් කිරීමට ඉන්දීය තැපැල් අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

එම ඓතිහාසික මුද්දරය ලොව විශාලතම තැපැල් ජාලය හිමි ඉන්දියාවේ තැපැල් කාර්යාල 155,015කට අධික සංඛ්‍යාවකින් ලබාගැනීමටද හැකියාව පවතින බවයි වාර්තා වන්නේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles