24.5 C
Sri Lanka
Wednesday, February 21, 2024
spot_img

රෑ 9ට වහපුව සුරාසල් දැන් දහය වෙනකන් විවෘතයි

සුරාසල් විවෘතව තබන වේලාව පැයකින් දීර්ඝ කිරීමට රජය සූදානම් වන බවට වාර්තා වේ.

මෙතෙක් පැවැති පෙරවරු 9 සිට පස්වරු 9 දක්වා සුරාසල් විවෘතව තැබිය හැකි වේලාව රාත්‍රි 10 දක්වා දීර්ඝ කරන බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය සතිඅන්ත පුවත්පතකට පවසා තිබේ.

ජනතාව නීති විරෝධී මත්පැන්වලට යොමුවීමට පෙලඹී ඇති හෙයින් මෙලෙස සුරාසල් විවෘතව තබන වේලාව සංශෝධනය කරන බවද පවසා තිබේ.

ලබන වසර තුලදී රුපියල් බිලියන 230ක සුරාබදු ආදායමක් රජය අපේක්ෂා කරන හෙයින් එම ඉලක්ක සපුරා ගැනීමේ පියවරක් ලෙස සුරාසල් විවෘතව තබන වේලාව සංශෝධනය කරන බවද සඳහන් වේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles