25.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

රාජ්‍ය සේවකයන් අද අසනීප නිවාඩු

රාජ්‍ය සේවක වැටුප සඳහා අවම වශයෙන් රුපියල් 20,000ක දීමනාවක් ලබා දෙන ලෙසට රජයට බලකරමින් රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව අද අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා.

එම වෘත්තිය සමිති එකතුවේ සම්බන්ධීකාරක චන්දන සූරියආරච්චි පැවසුවේ ඊට සමගාමීව දිස්ත්‍රික් මට්ටමින් ද උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක කරන බවයි. 

ජනතාවට සහ පාසල් සිසුන්ට සිදුවන අපහසුතා අවම කිරීම සඳහා වෘත්තිය සමිති කිහිපයක් සිය වෘත්තිය ක්‍රියාමාර්ගයට අද දිනයේ එක්කර නොගන්නා බව ද ඔහු කියා සිටියා.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles