25.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

මවගේ ලක්ෂ 28කට විද්ද “කේතලේ මල්ල”

රුපියල් ලක්ෂ විසි අටක මුදලක් මවගේ ගිණුමෙන් ලබාගත් දියණියක් අත්අඩංගුවට ගැනීම සඳහා මාතලේ පොලිසිය විමර්ශන සිදු කරන බවට වාර්තා වේ.

මවගේ රුවට සමාන රුවක් ඇති මෙම දියණිය විසින් මවගේ ජාතික හැඳුනුම්පත බැංකුවට ඉදිරිපත් කර මෙලෙස මුදල් ලබාගෙන ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

කුවේට්හි ගෘහ සේවිකාවක ලෙස සේවය කළ මව මාතලේ නගරයේ පිහිටි වාණිජ බැංකුවක තමන් නමින් විවෘත කළ ගිණුමට එවූ මුදල් දියණිය විසින් මෙලෙස ලබාගෙන තිබේ. මව විසින් විවාහක දියණියට ද මාසිකව රුපියල් විසි දහසක බැගින් එවා ඇතැයි පැවසේ.

පසුගිය 09 වැනිදා මෙරටට පැමිණි මව සිය පුතුට ත්‍රිරෝද රථයක් ලබාදීමේ අරමුණින් පුතු සමග බැංකුවට ගොස් මුදල් ලබා ගැනීමට රිසිට්පත සහ පාස් පොත ඉදිරිපත් කළ පසු ගිණුමේ ඉතිරිව ඇත්තේ රුපියල් අටසිය පනස් දෙකක් පමණක් බව බැංකු නිලධාරීන් විසින් පවසා ඇත.

අනතුරුව ඇය මේ පිළිබඳව බැංකු කළමණාකරුට දැනුම්දීමෙන් පසු ඔහුගේ උපදෙස් මත පොලිසියට පැමිණිල්ලක් සිදු කර තිබේ.ඒ අනුව මාතලේ කොට්ඨාස අපරාධ විශේෂ විමර්ශන ඒකකය සිදු කළ විමර්ශනයේදී හෙළිව ඇත්තේ මවගේ හැඩරුවට සමාන දියණිය විසින් මවගේ ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කර වංචනිකව මුදල් ලබාගෙන ඇති බවයි.

ප්‍රදේශය අතහැර පලා ගොස් සිටින සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ තවදුරටත් සිදු කෙරේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles