2023 වසරේ සැප්තැම්බර් 30 න් වන අවසන් මාස 03ක කාලපරිච්ඡේදය තුළදී මෙරට සමස්ත මද්‍යසාර පාන කර්මාන්තයේ පරිමාව 12% කින් පහළ ගොස් ඇති බව එම සමාගම පවසනවා.
මෙරට ලැයිස්තුගත සමාගමක් වන LION BREWERY CEYLON PLC සමාගම සිය නවතම මූල්‍ය ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර ඇත්තේ, 2023 වසරේ ජනවාරි සහ ජූලි මාසවල දී මද්‍යසාර පාන සඳහා කළ සංශෝධනවලින් 44% කින් පමණ බදු ඉහළ නංවා ඇති බවයි.
බදු ඉහළ නැංවීම නිසා මත්පැන් මිල ඉහළ යාම, ඒ සඳහා පවතින ඉල්ලුම පහළ යාමට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව එම වාර්තාවෙන් අනාවරණය වී තිබෙනව.