18.7 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

බිත්තර ආනයනය ගැන තීරණයක්

දේශීය වෙළෙඳ පොළේ බිත්තර මිල ස්ථායීකරණය කිරීම සඳහා සත්ත්ව නිෂ්පාදනය සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කරන ලද ගොවිපොළ වලින් බිත්තර ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

දේශීය වෙළෙඳපොළේ බිත්තර මිල ස්ථායීකරණය කිරීම සඳහා සත්ත්ව නිෂ්පාදනය සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් හඳුනා ගත් බිත්තර ඉන්දීය ගොවිපොළ වෙතින් බිත්තර ආනයනය කිරීම සඳහා 2023-08-14 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස් වීමේදී අනුමැතිය ලබා දී තිබුණා.

ඒ අනුව, මේ වන විට සීමා සහිත ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව මඟින් බිත්තර මිලියන 155ක් ආනයනය කර ඇති අතර, 2023-12-31 දිනට පෙර තවත් බිත්තර මිලියන 18 ක ප්‍රමාණයක් ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගනු ලැබුවා.

මේ වන විට දේශීය විවෘත වෙළෙඳපොළ තුළ බිත්තර සිල්ලර මිල ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බැවින්, සත්ත්ව නිෂ්පාදනය සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් දැනටමත් නිර්දේශ කරනු ලැබ ඇති ඉන්දියානු ගොවිපොළවලින් තවදුරටත් බිත්තර ආනයනය කිරීම පිණිස වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles