26.7 C
Sri Lanka
Wednesday, February 21, 2024
spot_img

බන්ධනාගාරයේ රැඳවියන් මෙනින්ජයටිස් ගැන බය වෙන්න එපා

බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කරන ලද මාතර බන්ධනාගාරයේ රැඳවියන්ගේ ජෛව සාම්පල පරීක්ෂා කිරීමේදී ඉන් එක් අයෙකුට මෙනින්ජයටිස් හෙවත් මොළයේ උණ රෝග තත්ත්වය වැළදී ඇති බවට තහවුරු වු බව සෞඛ්‍ය අංශ පවසනවා. බන්ධනාගාර රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා පැවසුවේ රෝගීන් සිව්දෙනෙකුගේ ජෛව සාම්පල පරීක්ෂණ කටයුතු සඳහා බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමුකළ බවත් එහිදි එක් රැඳවියෙකුට පමණක් මොළයේ උණ රෝගය වැළදී ඇති බවට තහවුරු වී ඇති බවයි.

මොළයේ උණ රෝගය වැළදී ඇති බවට සැක කෙරෙන මාතර බන්ධනාගාරයේ රැඳවියන් 17 දෙනෙකු මේ වනවිට මාතර රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

දැනට සිටින රැඳවියන්ගේ හා නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කර ප්‍රතිජීවක ඖෂධ ලබාදී ඇති බවද වාර්තා වනවා

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles