18.6 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

බදු හඳුනාගැනීමේ අංකය සම්බන්ධයෙන් නිකුත් කරන ලද තොරතුරු

විදේශයන්හි අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකිකයින්ට සහ ද්විත්ව පුරවැසිභාවය ඇති අයට ‘TIN’ අංකයක් ලබා ගැනීම අනිවාර්ය නොවන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් පී.කේ. සමන් ශාන්ත පැවසීය.

TIN අංකයක් ලබාගැනීමට ජනතාව තුළ විශාල උනන්දුවක් ඇති වී තිබෙන බවද ඔහු සඳහන් කළේය

ඔහු මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

විදේශිකයෙකු ශ්‍රී ලංකාවෙන් ආදායමක් උපයන්නේ නම් (පොලී ආදායම, කුලී ආදායම හෝ බැංකුවල ස්ථාවර තැන්පතු හරහා වාර්ෂිකව රුපියල් ලක්ෂ 12 ට වැඩි ආදායමක්) TIN අංකයක් ලබා ගත යුතුය.

TIN අංකය ලබාගැනීමට ජනතාව තුළ දැඩි උනන්දුවක් ඇතිවී තිබෙන බවත්, වාහන ලියාපදිංචියට අදාළ තොරතුරු ලබාගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෝටර් රථ දෙපාර්තමේන්තුව සමඟ පරිගණක සම්බන්ධ කිරීමට නියමිත බවත් ඔහු පැවසීය.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles