හිමිනමක විසින් තියුණු ආයුධයකින් පහරදීමක් හේතුවෙන් බරපතළ තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පොලිස් නිලධාරියා අද (19) උදෑසන ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, දෙනියාය පොලිසයටට අනුයුක්තව රාජකාරි කරනු ලබන පොලිස් කොස්තාපල්වරයෙකු වන අතර, ඔහුට පල්ලේගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වසන වයස අවුරුදු 18ක් පමණ වන හිමිනමක විසින් දෙනියාය, පල්ලේගම ගංගොඩ පාරේ පිහිටි සම්බෝධි වැඩිහිටි නිවාසය අසල දී පසුගිය 16 වැනි දින පස්වරුවේ පෞද්ගලික ආරවුලක් මත පිහියකින් පහර දී තිබිණි.
මෙම පහරදීම සිදු කළ සැකකාර හිමිනම දෙනියාය පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මොරවක මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට තිබූ අතර, සැකකාර හිමිනම් මේ මස 29 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.