26.7 C
Sri Lanka
Wednesday, February 21, 2024
spot_img

පාසල් සිසුන්ට මුඛ පිළිකා

පාසල් සිසුන් අතර මුඛ පිළිකා වර්ධනය වීමේ අවදානමක් ඇති බවට වෛද්‍යවරු අනතුරු අඟවනවා.

පාසල් සිසුන්ගේ හා වයස අවුරුදු විස්සට අඩු දරුවන්ගේ මුඛයෙහි සහ තොල වටේ සුදු පැහැයක් පවතින්නේ නම් එය මුඛ පිළිකාවක ලක්ෂණයක් විය හැකි බවටද වෛද්‍යවරු පවසනවා

මෙම තත්ත්වයට හේතුව ලෙස ජාතික දන්ත රෝහලේ මුඛ හනුක වක්ත්‍ර විශේෂඥ ශල්‍ය වෛද්‍ය ඒ.එච්.පී.එස්. කරුණාතිලක පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ පාසල් සිසුන් පැකට් කරන ලද විට කෑමට පෙලඹී තිබෙන බවයි.

දෙමාපියන් මේ පිළිබඳව දැනුවත් වී ඔවුන් ඉන් මුදා ගැනීමට කටයුතු කළ යුතු බවද විශේෂඥ වෛද්‍යවරයා මෙහිදී සඳහන් කළා. ජාතික දන්ත රෝහලට මුඛ පිළිකා සහ පූර්ව පිළිකා වැලඳුන රෝගින් 5-20ත් අතර පිරිසක් දිනපතා පැමිණෙන අතර ඉන් වැඩි පිරිසකගේ මුඛ පිළිකා තත්ත්වයට මුල් අවධියේදීම පහසුවෙන් ප්‍රතිකාර කිරීමට හැකි බවද ඔහු පැවසුවා.

විශේෂයෙන් පාසල් සිසුන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට පාසලේ දන්ත ශල්‍යාගාරයේ වෛද්‍යවරයාට කළහැකි බවත් එසේ නොමැති නම්‍ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලට අනුයුක්තව සේවය කරනු ලබන දන්ත චිකිත්සක නිලධාරිවරයා හමුවී ප්‍රතිකාර ලබාගැනීම සුදුසු බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළා. මෙම තත්ත්වය වළක්වා ගත යුතු බවත්‍ ඒ අනුව සතියකට වරක් හෝ මුඛය පරීක්ෂා කිරීම වැදගත් බවත් විශේෂඥ ශල්‍ය වෛද්‍ය ඒ.එච්.පී.එස්. කරුණාතිලක මහතා පවසා සිටියා.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles