25.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

පස් කන්දක් කඩා වැටී උඩරට දුම්රිය ගමනට බාධා

හපුතලේ සහ දියතලාව අතර දුම්රිය මාර්ගයට අද (19) අලුයම පස් කන්දක් කඩා වැටීමෙන් උඩරට දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබේ. අප වාර්තාකරු පැවසුවේ, මේ හේතුවෙන් කොළඹ සිට බදුල්ල දක්වා පැමිණි රාත්‍රී තැපැල් දුම්රිය හපුතලේ දැක්වා පැමිණ නතර කර ඇති බවය.

මේ අතර අප කළ විමසීමක දී දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දුම්රිය මාර්ගය අවහිර වීම හේතුවෙන් උඩරට මැණිකේ දුම්රිය සහ පොඩි මැණිකේ දුම්රිය අද දිනයේ ප්‍රමාද වී ධාවනය කිරීමට සිදුවන බවය. ඒ අනුව පෙරවරු 05.45ට බදුල්ලේ සිට කොටුව දක්වා ධාවනය වීමට නියමිත උඩරට මැණිකේ දුම්රිය මේ වන තෙක් පිටත්වීම ආරම්භ කර නැහැ.

එමෙන්ම පෙරවරු 08.30ට කොළඹ බලා ධාවනය වීමට නියමිත පොඩි මැණිකේ දුම්රිය ද පැය කිහිපයක් ප්‍රමාද වේ. මේ වන විට පස්කන්ද නායයෑමෙන් අවහිර වූ දුම්රිය මාර්ගයෙන් පස් ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර ඒ සඳහා තවත් පැය කිහිපයක් ගතවනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles