18.7 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට

යාපනයේ කරෙයිනගර් මුහුදු සීමාවේ නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඔවුන් සතුව තිබූ ට්‍රෝලර් යාත්‍රා 3ක් නාවික හමුදාව භාරයට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකළ වැටලීමකදී නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු  මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රා 3 ක් ගොඩබිමට රැගෙන ඒම සඳහා නාවික හමුදාව විසින් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.

අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් සහ ධීවර යාත්‍රා කන්කසන්තුරේ වරායට රැගෙනවිත් ඇති අතර ඉදිරි නීතිමය කටයුතු සඳහා ධීවර දෙපාර්තුමේන්තුව වෙත භාරදීමට නියමිතයි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles