කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රිය මතට අද (17) අලුයම ගල්පර්වතයක් කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ අතර දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
හපුතලේ දියතලාව දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇති බවට වාර්තා වේ.
හපුතලේ දුම්රිය ස්ථානය පසුකර දියතලාව දුම්රිය ස්ථානය දෙසට ධාවනය වෙමින් තිබියදී සැතපුම් 156/13 කණුව අසලදී එක්වරම කදු මුදුනේ තිබූ විශාල ගල්පර්වතයක් ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රිය මතට වැටී ඇති අතර ඒ සමගම දුම්රියේ ඉදිරි එන්ජිම දුම්රිය මාර්ගයට කඩා වැටුන ගල්පර්වත මත සිරවී ඇති බවට වාර්තා වේ.