26.7 C
Sri Lanka
Wednesday, February 21, 2024
spot_img

දියතලාවේත් පුද්ගල මළසිරුරක්

අද දින අළුයම් කාලයේ දී දියතලාව පොලිස් බල ප්‍රදේශයට අයත් හපුතලේ කිරිමඩුවාහින්න මාර්ගයේ පල්ලේකුඹුර පාලම අසල ඇති මාර්ගයේ පුද්ගල මළසිරුරක් හමුව ඇත. අඩ නිරුවත් මළ සිරුරේ හිසෙහි පිටුපසින් ලේ වහනයක් සිදුව ඇති අතර මෙය කුමන ආකාරයෙන් සිදුවූවක් දැයි මේ දක්වා අනාවරණය වී නොමැත.

යහලබැද්ද, හපුතලේ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි මුදියන්සේලාගේ සමන්ත දිසානයක නමැති අයෙකු මෙලෙස මියගොස් තිබේ.

මරණයට හේතුව මෙතෙක් සොයාගෙන නොමැති අතර දියතලාව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වයි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles