17.5 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

තේ දළුවල ප්‍රමිතිය ඉහළ නංවන්න අලුත් වැඩපිළිවෙළක්

තේ දළුවල ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා ලංකා තේ මණ්ඩලය විසින් හඳුන්වා දෙන ලද B 60 වැඩ පිළිවෙළ ජනවාරි 1 වැනිදා සිට බලාත්මක කළ බව, ලංකා තේ මණ්ඩල කොමසාරිස් ජයන්ත එදිරිසිංහ මහතා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී තිබුණා.

නෙලා ගන්නා ලද තේ දළුවලින් 60%ක් ළපටි දළුවලින් සමන්විතව තිබීම මෙම B 60 වැඩ පිළිවෙළ යටතේ අත්‍යවශ්‍ය වනවා.

ලංකා තේ මණ්ඩලය පවසන්නේ, මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම මගින් මෙරට වාර්ෂික තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 90කින් ඉහළ යන අතර ප්‍රතික්ෂේපිත (Refused Tea) තේ අන්තර් ගතවීම 7% දක්වා අවම කර ගැනීමට හැකි වන බවයි.

සාමාන්‍යයෙන් නිෂ්පාදනය කරන තේ වලින් ප්‍රතික්ෂේපිත තේ තිබිය හැකි ප්‍රමාණය 7%ක් වුවද, B 60 වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොකිරීමෙන් ප්‍රතික්ෂේපිත තේ ප්‍රමාණය 17% දක්වා ඉහළ යා හැකි බව තේ මණ්ඩලය සඳහන් කරනවා.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles